වවුනියාව රෝහලේ නේවාසික ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය 20 වැනිදා රෝහලෙන් පැනගිය එල්.ටී.ටී.ඊ. සැකකරු කාන්තා වෙස්ගෙන සිටියදී ඊයේ (28දා) වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පැවසීය.
වවුනියාව පොලීසිය පැවසුවේ අදාළ සැකකරු හින්දු කාන්තාවන් අඳින පන්ජාබ් ඇඳුමකින් සැරසී, බොරු කොණ්ඩයක් දමා වවුනියාව ගුඩ්ෂෙඩ් ප්රදේශයේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.