දැනට පොලිස් සේවයේ සිටින කාන්තා නිලධාරිනියන්ගේ සාමාන්‍ය නිල ඇඳුමට අමතරව ඔවුන් සඳහා තවත් නිල ඇඳුමක් හදුන්වාදීමට පොලිස්පතිගේ නිර්දේශය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමැතිය ලබාදී තිබේ.
මෙම නව නිල ඇදුම සාමාන්‍ය පොලිස් නිල ඇඳුමට අදාල කාකි වර්ණයෙන් යුක්ත වන බවත් කාන්තා පොලිස් කොස්තාපල් / සැරයන් තනතුර සඳහා දිග කලිසමකින් හා කමිසයකින් එය සමන්විත වන බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස් පරික්ෂක ශ්‍රේණියේ හා සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණියේ නිලධාරිනියන් සඳහා දිග කලිසමක් සහ බුෂ් කෝට්යකින් නව අඳුම සමන්විත වෙයි. කාන්තා නිලධාරිනියන් මෙතෙක් කාර්යාලීය නිල ඇදුම ලෙස සාය හා කමිසය භාවිතා කල බවත් කාර්යාල රාජකාරි හැර වෙනත් රාජකාරි ඉටුකිරිමේදි ඇතිවන අපහසුතා සලකා බලා මෙම නව නිල ඇඳුම හදුන්වා දී තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේම ගර්භනී පොලිස් නිලධාරිනියන් සඳහාද නව ඇඳුමක් හදුන්වාදීමට පොලිස්පතිගේ නිර්දේශය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.