රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයට රාත්‍රී කාලයේ ඇතුළු වූ යුධ හමුදා සෙබලකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අනුරාධපුර ඉලුක්කුළම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක යුධ හමුදා සෙබලකු මෙලෙස අත්ඩංගුවට පත්ව ඇත.
අනුරාධපුර බණ්ඩාරපුලියන්ළම පිහිටි රජරට විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයට පෙරේදා (27දා) රාත්‍රියේ ඇතුළු වී ඇති මෙම සෙබලා නේවාසිකාගාරයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියට භාර කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු සේවයේ නියතු සාලිය පුර යුධ මුදා කදවුරට බාරකළ බව අනුරාධපුර පොලීසිය පැවසීය.