අලුත් අවුරුදු සමයේ පවත්වන අවුරුදු උත්සවවලදී සිදුවීමට ඉඩ ඇති ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම ක්‍රීඩා සංවිධානය කරන සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
විශාල ක්‍රීඩා ප්‍රමාණයක් මෙම උත්සව දිනවල පැවැත්වෙන අතර සිදුවන අනතුරු ප්‍රමාණය ද වැඩි බව පෙන්වාදෙවන හෙතෙම බයිසිකල් රේස්, ලිස්සන ගහේ නැගීම, කොට්ට පොර ත්‍රඟ පැවැත්වීමේදී සිදුවීමට ඉඩකඩ ඇති අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් හා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් හදිසි ප්‍රථමාධාර පහසුකම් සළසාගැනීමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.