බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ චෝදනාව සහ මහකොමසාරිස්වරයාට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කොට තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කරතිබේ.
මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට එරෙහිවද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව මින් පෙර අනාවරණය වී නොතිබුන අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉදිරිපත් කළ පැමිණිල්ලට ඇතුලත් චෝදනාව කවරක්ද යන්න නිවේදනයේ සඳහන් නොවේ.