දකුණුදිග යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් කිරීම සඳහා එම මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර ඇති බව බී.බී.සී.ය පවසයි.
ඒ අනුව, පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ මෙම තීරණය එළැඹෙන මාර්තු 16 වැනිදා ක්‍රිමියා ජනතාවට ඉදිරිපත් කරමින් ජනමත විචාරණයක් පැවැත්වීමටද ඔවුන් සූදානම් වන බව පැවසෙයි.
කෙසේ වෙතත්, යුක්රේනයේ කියෙව් අමාත්‍යවරු පෙන්වා දෙන්නේ ක්රිමියානු අර්ධද්වීපය රුසියාව සමග එක්වීම සඳහා ගනු ලැබූ මෙම තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.