ක්‍රිස්තු පූර්ව යුගයේ සිට මහනුවර යුගය දක්වා දිවෙන අඛණ්ඩ ඉතිහාසයකට හිමිකම් කියන ලෙන් 32 ක සාධක නුවරකන්ද පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම පුරාවිද්‍යා භූමිය තුළ කටාරම් කෙටූ ලෙන්වල එයට පහළින් පූර්ව හා අපර බ්රාහ්මීය අක්ෂර සහිත ලිපි දැකගැනීමට ලැබෙන බවත්, කටාරම් කොටන ලද ලෙන් 26 ක් ඇතුළුව හඳුනාගත් ලෙන් සංඛ්‍යාව 32 ක් වන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මෙම ලෙන් ආශ්‍රිතව නිර්මාණය කර ඇති ගෘහවල පොළොන්නරුව හා මහනුවර යුගවලට අයත් නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කරන බුද්ධ ප්‍රතිමා හා සිතුවම්ද වන බව එහි සඳහන් වෙයි.
පොළොන්නරු රාජධානි සමයට අයත් යැයි සැලකිය හැකි ලෙනක අභ්‍යන්තරයේ ඉදිකර ඇති සැතපෙන හා හිඳි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා දහයියා හා මැටි මිශ්‍රිත බදාමයක් යොදාගෙන ඇති බවට පැහැදිලි සාධක හමුවන අතර, එම ලෙනට සම්බන්ධ කර ගඩොලින් තනා ඇති පිළිම ගෙය ගෙඩි ගෙවල් සම්ප්‍රදායට අනුව නිමවා ඇති බවද නිවේදනයේ දැක්වේ. අවධි කිහිපයක නිර්මාණ ලක්ෂණ පිළිබිඹු කෙරෙන බෞද්ධාගමික ගොඩනැගිලි සංකීර්ණයක් පිහිටි පුරා විද්‍යා ස්ථානයක් ලෙස මෙය වැදගත් වන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
.jpg)