ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රිකට් ආයතනය වෙත ඊයේ (10දා) ලැබී ඇතැයිද, ඒ අනුව ඒ සඳහා වන හදිසි ක්‍රිකට් විධායක කමිටු රැස්වීමක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇතැයිද %අද^ට වාර්තා වේ.
ක්‍රිකට් නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිපතිවරයා පෙන්වා දී ඇති අතර, ඒ අනුව යොදාගත් පරිදි 31 වැනිදාට නිලවරණය පැවැත්වීමට නියමිත බව අනාවරණය වේ.
කෙසේ වෙතත් නීත්‍යනුකූල නිලවරණ කමිටුවක් හමුවේ නාමයෝජනා කැඳවීම මෙම නිලවරණයේදී සිදු නොවූ අතර, නාමයෝජනා බාර ගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාය. මේ පිළිබඳ විවිධ පාර්ශ්ව වෙතින් පරස්පර අදහස් යොමුව ඇති අතර, පාර්ශ්ව කිහිපයක් සාධාරණ තීන්දුවක් පතා අධිකරණය වෙත මෙම සිද්ධිය රැගෙන යෑමට නියමිත බවද හෙළි විය.