ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යහපාලන රජය යටතේ සිදුව ඇති ඉරණම ඉරිදා දිනයේදී දැකගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු සතිපතා ‘අද’ පුවත්පතට සම්පාදනය කරන ‘කුරහන් සුවඳ’ තීරු ලිපියේ මේ බව දැක්වෙයි.
“ක්‍රිකට් ක්‍රීඩාවේ පිපිරීම ඉරිදා දඹුල්ලේ පැවති තරගයෙන් පසුව සිදුවිය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයක් හමුවේ ප්‍රථම වතාවට ප්‍රේක්ෂකයන් කුපිත වී කටයුතු කිරීමයි. මේ වන විට තරුණ කණ්ඩායමක් ලෙස ක්‍රමයෙන් නැගී සිටිමින් සිටින කණ්ඩායමට ජනතා සහාය අවශ්‍ය වෙයි. දඹුල්ලේ සිදුවීම කණගාටුවට කරුණකි.
නමුත් ප්‍රේක්ෂකයන් කළයුතු වන්නේ තවදුරටත් කණ්ඩායමට ශක්තිය දෙමින් කටයුතු කිරීමයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පිළිබඳව විවේචන පැවතියත් ඔහු සෘජුව සිය අදහස් ප්‍රකාශ කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්තම විනාශය සිදුවූයේ යහපාලන රජය යටතේදී බව මේ වන විට ඔහු පවසා තිබේ.
ක්‍රීඩාවට දේශපාලනය එක් නොවිය යුතුය යන්න ප්‍රධාන කරුණකි. නමුත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇත්තේ එයයි. තරග දිනීම, පරාජයට පත්වීම සාමාන්‍ය දෙයක් වුවත් පරිපාලනය ක්‍රීඩාවට ඇඟිලි නොගසා පුහුණුකරුට හා ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතුය." යැයි ඔහු සිය ලිපියෙන් පවසයි.