ක්‍රිකට් ආයතනය මහේල පුදුම කිරීමට සැරසෙයි
- 12 08 2014
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එස්.එස්.සී. පිටියේදී අනිද්දා (14දා) පාකිස්තානයට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙනුවෙන් පුදුම හිතෙන අකාරයේ සමුගැන්මක් ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා පැවැසුවේ ඒ පිළිබඳව තමන් මාධ්‍යට දැන්ම කිසිවක් නොකියන බවයි.
"අපිට ඒක දැන්ම කියන්න බෑ. ඒක පුදුම කිරීමක් වෙන්න ඕනනේ. දැන් කිව්වොත් වැඩක් නෑ. අපි ඒක පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්නට ලියන්න පුළුවන්" යැයි ඔහු පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
