විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට ඉල්ලා අස්වන්නැයි සඳහන් කරමින් භාරදුන් ලිපියට මේ වනතුරු ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින්ඇයට එරෙහිව අරගලයක් ගෙනයන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලිපියකට රුහුණු විශ්වවිද්‍යාලයට ශිෂ්‍යාවක් බඳවාගැනීම, ජනාධිපතිවරණය පැවැති සමයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුදල් යොදාගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ සහායට පුවත්පත් දැන්වීම් පළකිරීම වැනි චෝදනා ඇයට එරෙහිව එල්ලවන බවයි.