කළුතර සියලුම රෝහල් සංවර්ධනයට අමාත්‍යාංශය පියවර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සංවර්ධනය කිරීමට තීරණයක් කර තිබේ.
ඒ අනුව මධ්‍යම රජය යටතේ පවතින කළුතර මහ රෝහල සහ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන සියලුම රෝහල් සංවර්ධනය කෙරේ. මේ සඳහා වන මුළු වියදම 2,669,182,551.17 ක් බවත්, කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු හෙට (29දා) දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව කළුතර මහ රෝහලේ මාතෘ හා ළමා රෝග වාට්ටු සංකීර්ණයක්, නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් (රු.මිලියන 435.74), අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් (රුපියල් මිලියන 468), ඖෂධ ගබඩාවක් (රුපියල් මිලියන 280.87), නව සායන ගොඩනැගිල්ලක් (රුපියල් මිලියන 155.70), අක්ෂි වාට්ටුවක් (රුපියල් මිලියන 256,61), නව ජල ටැංකියක්, කාර්යාල සඳහා වන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය.