කළුතර බන්ධනාගාර බස් රථයට ප්රහාර එල්ල කිරීමට යොදාගත් වෑන් රථය සොරාගැනීමට සහාය දුන් පුද්ගලයා ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අඹිලිපිටිය, කුඹුරුගොඩආර ප්රදේශයේ පදිංචි ජගත් ඉන්දික කුමාර (අවු.34) නොහොත් පොඩී නමැත්තෙකි.
සැකකරු මීට පෙරද පුද්ගලයන් සිවුදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, පුද්ගලයන් පැහැරගෙන යෑම, මුදල් පැහැර ගැනීම, අත්බෝම්බයක් ළඟ තබා ගැනීම හා ටිපර් රථයක් සොරාගැනීම සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙකු බව පොලීසිය පවසයි.
සැකකරු අද (28දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.