යහපාලන ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිදුකරන කළු කොඩි එසවීමේ වැඩසටහනට ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධයක් නැති බවත්, එය සම්පූර්ණයෙන්ම පිවිතුරු හෙළ උරුමයේ කාර්යයක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී අද (06දා) පැවැත්වූ මාධ්‍ය ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව මාධ්‍ය‘වේදීන් කරුණු විමසා සිටි අවස්ථාවේදී ගම්මන්පිල මහතා කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය පවත්වනු ලබන මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව විමසන ලෙසත්, එහිදි කළු කොඩි ව්‍යාපාරය ගැන සවිස්තරව කරුණු පැවසිය හැකි බවත්ය.