එක්සත් ජාතික පක්ෂය හැර දමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීම තමා කළ වරදක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්මා මහතා කතරගමදී ඊයේ (28දා) පැවැති උත්සවයකදී පැවැසීය.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තමාට ලබාදුන් අමාත්යාශවලින් වැඩ කරන විට වැඩ කළ නොහැකි අමාත්‍යාංශයක් වන මහජන සම්බන්ධතා අමාත්‍යාංශය තමාට ලබාදුන් බවද ඔහු පැවැසීය.
රුහුණු විශ්වවිද්‍යාලයට හිටපු මුදල් අමාත්යවරයාවරයෙකු වෙන රොනී ද මෙල් අමාත්යරවරයාගේ නම තමා යෝජනා කළ විට රාජපක්ෂවරු එය ප්‍රතික්ෂේප කළ බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
කළගුණ දන්නා බව උතුම් මිනිසුන්ගේ ගුණය වුවත් කළගුණ නොදන්නා බව රාජපක්ෂලාගේ ගතිය බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ආරියපාල රත්නායක