කහවත්ත නගරයේ ප්රධාන වීදියේ පිහිටි වෙළෙඳසැලක අද (23දා) අලුයම හටගත් ගින්නකින් එම වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොඩනැගිල්ලටද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය සඳහන් කරයි.
නගරවාසීන් සහ පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති අතර, පසුව රත්නපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කළේය.
මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නොමැති බව පොලීසිය පවසයි.
ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අජිත්ලාල් ශාන්තඋදය