'නිකසළ ජවය' කැළි කසළවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මේ මස 10 වැනිදා ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.
කැළි කසළවලින් විදුලිය නිෂ්පාදනය කරන ලංකාවේ පළමු ව්‍යාපෘතිය මෙය බවත්, මේ හරහා මෙගාවොට් 20 ක් ජාතික විදුලි බල පද්ධතියට එක්වන බවත් ඔහු පවසා සිටියේය.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෙරවලපිටියේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත්, මේ අනුව මාස 18කින් මෙගාවොට් 10කුත්, මාස 24කින් ඉතිරි මෙගාවොට් 10 ත් පද්ධතියට එකතු කරන බවද ඒ මහතාකියා සිටියේය.
මේ සඳහා ගම්පහ ප්‍ර‘දේශයෙන් දෛනිකව එකතු වන කැළි කසළ මෙට්‍රික් ටොන් 630 ක් හා කොළඹ මහ නගර සභා සීමාවෙන් එකතු වන කැළි කසළ මෙට්‍රික් ටොන් 700 ක් දෛනිකව යොදාගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.