මෙම මස 08දා සිට 09දා දක්වා කාලයේ පොලිස් නිලධාරීන් සමග ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් එක්ව බස්නාහිර පළාත තුළ සිදුකරන ලද වැටලීම්වලින් අනවසරයෙන් කසළ බැහැර කරන ලද පුද්ගලයන් 160කට නීතිය ක්‍රියාත්මක කර බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව,
කොළඹ උතුර - 20ක්, කොළඹ මධ්‍යම - 34ක්, කොළඹ දකුණ - 12ක්, නුගේගොඩ - 40ක්, ගල්කිස්ස - 10ක්, ගම්පහ - 18ක්, කැලණිය - 13ක්, මීගමුව - 12ක්, පානදුර - 01ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අනුව ඉදිරි කාලය තුළ මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.