පිළිමතලාව ගෙලිඔය අවට තේ කර්මාන්ත ශාලා වලට ප්රවාහනය කරමින් තිබූ සිටි කසළ තේ කිලෝග්රෑම් 379 ක් හා ඒවා ප්රවාහනය කළ ලොරි රථය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමේදී පිළිමතලාව දුම්රිය ස්ථානය අසලදී මෙම සැකකරු කසළ තේ සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගෙන් මේ පිළිබඳ ප්රශ්න කිරීමේදී මෙම තේ හැටන් ප්රදේශයේ සිට දුම්රිය පිළිමතලාවට රැගෙන විත් පිළිමතලාව අවට හා ගෙලිඔය ප්රදේශයේ තේ කර්මාන්ත ශාලා වලට ගෙන යන බවට අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර තිබේ.