ගංවතුරින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ එකතුවූ කසළ ටොන් 2,500 ක් පමණ පසුගිය දෙදින තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ඉවත් කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
එකතුකළ කසළ කොළොන්නාව කසළ අංගනයට බැහැර කිරීම සිදු වූ අතර පළාත් පාලන ආයතන මඟින් ලබාගත් තොරතුරු අනුව, කසළ එකතුවූ ප්‍රදේශ කුඩා ඒකක වශයෙන් සිතියම්ගත කර, කණ්ඩායම් වශයෙන් කසළ ඉවත් කිරීම සිදු කර තිබේ.
මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ගොතටුව, ටී.බී. ඉලංගරත්න ක්‍රීඩාංගනයේ පවත්වාගෙන යන මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. කසළ එකතුවූ ප්‍රදේශ පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එහි ක්ෂණික දූරකතන අංක දෙකක් 0112 423 146 සහ 0012 302 722 ස්ථාපිත කර තිබේ.