පළාත් සභා හා පළාත් පාලන ආයතන බලප්‍රදේශවල පවතින කැළි කසළ අර්බුදය ඩෙංගු මර්දනයට ප්‍රධානම බාධාවක් වී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
පළාත් සභා හා පළාත් පාලන ආයතන කසළ කළමනාකරණයේදී පෙන්වා ඇති අසමත් කම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත්, මේ නිසා පක්ෂ භේදයකින් තොරව මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ අද වනවිට සමස්ත දිවයිනම වෙළාගත් උවදුරක් බවට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.