කලුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා රැඳවියන් පස්දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර ඝාතකයන් විසින් පරිහරනය කළ බවට සැක කෙරෙන රිවෝල්වරයක් හා උණ්ඩ හතක් ඔහු සන්තකයේ තිබී ඇත.
හිඹුටානේ පදිංචි 51 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු හෙට (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.