මෙරට කලාව පෝෂණය කිරීම සඳහා කැපවූ සිනමාවේදීන්, ටෙලි නාට්‍ය‘වේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, කාර්මික ශිල්පීන් හා මෙරට සමාජ ප්රගමනයේ හවුල්කරුවන් ලෙස ක්‍රියා කරන ජනමාධ්‍ය‘වේදීන් ඇතුළු කලාකරුවන්ගේ සේවය අගයමින් ඔවුන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මෙම උත්සවය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස (13දා) පෙ.ව 10.00 ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
සාම විනිසුරු පදවි පිරිනැමීමේ උත්සවය සඳහා 100 කට ආසන්න කලාකරුවන් ඇතුළු මාධ්‍ය‘වේදීන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර, මෙහි දෙවැනි අදියර ලෙස
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් හා කීර්තියක් ගෙන දුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩා පරිපාලකයන්ට,ක්‍රීඩා සංගම්වල නියෝජිතයන්ටද මෙම තනතුරු පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.