www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
කලාවැවේ සිටින මසුන් දහස් ගණනින් මියගොස් ගොඩගසා ඇති අකාරය මේ දිනවල දැකගත හැකි අතර, එමෙන්ම මියගිය මසුන් අවට ජනතාව පැමිණ ආහාර සඳහා රැගෙන යන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
එමෙන්ම වැව අවට මියගිය මසුන්, කොක්කු, දියකාවන් ගේ සිරුරු කොටස්ද දැකගත හැකි අතර, මේවා කුණුවී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්ද පවතින බව ඔවුහු පවසති.
අලුයම් කාලයේ යතුරුපැදිවලින් හා පයින් පැමිණෙන පිරිස් මෙසේ ගොඩගසා ඇති මසුන් මලුවල දමාගෙන රැගෙන යන ආකාරය එහි ගිය අපට දැකගත හැකිවූ අතර , ඔවුන් පැවසුවේ මේ මසුන් වියළා ආහාරයට ගැනීමට හැකි බවය.
එමෙන්ම මේ මසුන් ආහාරයට ගැනීමට බලු, කපුටන් ආදී සතුන්ද කලාවැව අවට එක්රැස්වී සිටිනු දැකගත හැකිය.
කලා වැවේ මේ ආකාරයෙන් ලක්ෂ ගණනන් මසුන් මියයන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති අතර, මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් මසුන් ආහාරයට ගන්නා ජනතාවටද හානි දායක විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd