කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයාට බලකරමින් කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැඳිවැව දියසේන හිමියන් හා තවත් හිමි නමක් විහාරස්ථාන භූමියේ (9) දහවල් උපවාසයක් ආරම්භ කළහ.
කල්පිටිය ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සිත් දිනාගත් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් උඩුමලගල මහතා කිසිදු හේතුවක් නොමැතිව කල්පිටිය පොලිස් ස්ථානයෙන් මාරුකර යවා ඇත්තේ දේශපාලන බලපෑම් හා ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගේ බලපෑම් නිසා බව උපවාසයේ නිරත බැඳිවැව දියසේන හිමියෝ පවසති.