කල්කුඩා වෙරළට කිලෝමීටර 10ක් ඈත මුහුදේ මීටර 42ක් ගැඹුරේ තිබී ලෝක යුද්ධයේදී මුහුදට වැටී ගිලී ගිය බව කියන ගුවන්යානයක කොටස් හමුවූ බව මුහුදේ පුරාවස්තු ගවේෂණයේ යෙදෙන දර්ශන ජයවර්ධන මහතා පවසයි.
2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ධීවරයකුගේ දැලට පැටලී ආ ඇලුමිනියම් තහඩු කැබැල්ලක් ඔස්සේ යමින් කරන ලද ගවේෂණයක ප්රතිඵලයක් ලෙස මෙය සොයාගැනීමට හැකි වී ඇත.
මුහුදු පත්ලෙන් හමුවී ඇත්තේ කැටලිනා යානාවක් බව දැන් තහවුරු වී තිබේ. කැටලිනා යානා යුද සමයේ ඔත්තු බැලීමට භාවිත කරන ලදී. වඩාත් විශාල යානා විශේෂයක් වූ මේවා පැය 18ක පමණ පියාසර කාලයක් සම්පූර්ණ කිරීමේ හැකියාවෙන් යුක්තය.