පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අද (25 දා) පස්වරුවේ නව නුගේ පාර, පෑලියගොඩ ප්රදේශයේ පිහිටි සිමෙන්ති ගබඩාවක සිදුකළ වැටලීමකදී කල්ඉකුත් වූ සිමෙන්ති කොට්ට 2,000 ක් සහ හිස් සිමෙන්ති කවර 20,000 ක් සොයාගැනීමට සමත්ව ඇත.
මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව ගණනය කර ඇත. මෙම සිමෙන්ති කල් ඉකුත් වූ දින සහිත සිමෙන්ති කවරවලින් ඉවත් කර නව ඇසුරුම්වල බහා නැවත වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබූ බව වැටලීම් නිලධාරීහු වැඩිදුරටත් පැවසීය.