තමන් කිසිම සිදුවීමක් සම්බන්ධව කලබල නොවන බවත්, කරදර නොවන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ. තමා සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ මෙවැනි තත්ත්වයක් ඇති වේවි යැයි බලාපොරොත්තුවෙන් බවද උන්වහන්සේ පැවසූහ. රාජගිරිය 'සඳහම් සෙවණ' බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේදී මාධ්‍ය‘වේදීන් මුණ ගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය වැටලීමට සහ ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට කිසියම් පිරිසක් සූදානම් වන බවට ලද තොරතුරු මත මාධ්‍ය‘වේදීන් එම ස්ථානයට ගියද එම ස්ථානයේ එවැනි තත්ත්වයක් ඇති නොවීය.
රතන හිමියන්ට විරුද්ධ කිසියම් පිරිසක් විසින් කෝට්ටේ මහනගර සභාවට ගොස් සංදේශයක් ද බාරදී තිබුණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු