කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ උප සභාපති උපාසකගේ චමින්ද රුවන්සිරි පෙරේරා ජුනි 17 වැනිදින දක්වා බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
පසුගියදා කරුවලගස්වැවදී සාලියවැව පොලීසිය විසින් බලපත්ර රහිත වැලි ට්රැක්ටරයක් අත්අඩංගුවට ගැනීමේදී උපසභාපතිවරයා ඇතුළු පිරිස පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධව මෙම නඩුව ගොනුකර තිබිණි.