රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු බාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව විදෙස් ගමන් තහනමට ලක්ව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (09දා) නියෝග කළේය.
ඉහත සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත නඩුව අවසන් වු බැවින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ගොනුකළ මෝසමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.