පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ23වන සමුළුව සඳහා සහභාගී වීමට කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්වරුඊයේ(10දා) මැලේසියාව බලා පිටත්ව ගියහ.
පෙරේදා( 09දා) දින ඇරඹි මෙම සමුළුව ජනවාරි 14 වන දින දක්වා මැලේසියාවේ කොටකිනබාලු (Kota kiuabalu) හිදී පැවැත්වීමට නියමිතය.
වසර දෙකකට වරක් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වල කථානායකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවය වර්ධනය කිරීම, අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම මෙන්මනව පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිලිබඳවද පුළුල් ලෙස අවධානය යොමු වනු ඇත.
සාමාජික රටවල කථානායකවරු සහ සෙනෙට් සභා සභාපතිවරු 72 දෙනෙකු මෙවර සමුළුව නියෝජනය කරති. සමුළුවේ සමාරම්භක සැසියේ සිටම සහභාගි වීමට කථානායකකරු ජයසූරිය මහතා මින් දින දෙකකට පෙර පිටත්ව යාමට නියමිතව තිබුණද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අවධානය යොමුකරන තීරණාත්මක රැස්වීමක් පෙරේදා (ජනවාරි 09) යෙදී තිබුණු බැවින්, පිටත්ව යාම කල් දැමූ බව කථානායක කාර්යාලය පැවසීය.
මේඅතර පාර්ලිමේන්තුව ජනවාරි 12 වන දින යළි රැස්වීමට නියමිත අතර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා එහි මුලසුන හොඹවනු ඇත.