හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නව නාවික හමුදාපතිගෙන් රැපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකොට තිබේ. පසුගිය 13 දා ඔහු තීනිඥයෙකු මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමුකර ඇත්තේ නව නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා අපරාධ පරීක්ෂණ ලබාදුන් අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානියක් සිදුව ඇති බව සඳහන් කරමිනි.
මෙහිදි ඔහු පවසා ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ දැනුවත් වීම මත ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.
මේ අතර විශ්‍රාමික රියර් අද්මිරාල් උදය කීර්ති බණ්ඩාර මහතාද නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට හානි වූ බවත් රුපියල් මිලියන 500ත වන්දියක් අවශ්‍ය බවත් පවසමින් තවත් එන්තරවාසියක් යොමුකර තිබේ.