කම්කරු නීති ක්‍රියාත්මක නොවුනොත් රටම අනතුරේ -ඇමති WDJ
රට තුළ කම්කරු නීති නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනහොත් අපනයන ආදායම විශාල ලෙස පහත වැටීමේ අනතුරක් ඇති බවත්, ජාත්‍යන්තරය අප දෙස බලා සිටින නිසා මේ සම්බන්ධව අවධානයෙන් සහ වගකීමෙන් ක්‍රියාකළ යුතු බවත් කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිවි.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (02දා) කම්කරු අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදීය.
“අද ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන් යුරෝපීය රටවල් ඔවුන් ආනයනය කරන භාණ්ඩ සම්බන්ධව ඔවුන්ගේ මිනුම්දඬු වෙනස් කරමින් යනවා. භාණ්ඩවල මිල, භාණ්ඩයේ උසස් තත්ත්වය සලකනවා වගේම ඊටත් වඩා වැඩි අවධානයක් එම භාණ්ඩ නිෂ්පාදිත රටවල කම්කරු නීති ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔවුන් සොයා බලමින් යනවා.”
“මම පසුගිය දවස්වල ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධව ආජන්ටිනාවේ පැවැති සමුළුවකට සහභාගී වුණා. එහිදී එම රටවල නියෝජිතයන් ප්‍රකාශ කළේ, කම්කරු නීති කොයිතරම් දුරට ක්‍රියාත්මක කරනවාද කම්කරු අයිතිවාසිකම් රටක් විදිහට ආරක්ෂා කරනවද ළමා ශ්‍රමය භාවිතය කොතරම් අවමද යන කාරණා සම්බන්ධව අවධානය යොමුකරලා තමයි ඔවුන් ඉදිරියේදී අපේ රටවල්වලින් භාණ්ඩ ආනයනය කරන්නේ කියලා.”
“අපිට රටක් විදිහට නොයෙකුත් අඩුපාඩු අමාරුකම් තිබුණත් අපි සියලු දෙනා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කැපවෙලා සිටිනවා. මහජන මුදලින් වැටුප් ලබන අප සියලු දෙනා මහජනතාවට, වැඩකරන ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා. “ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


