කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20දා) පස්වරුවේ දකුණු කොරියාව බලා පිටත්වූ බව අමාත්‍යාංශය පවසයි.
කම්කරු ක්ෂේත්රයට අදාල මානව සම්පත් හා භොතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා කොරියානු රජයේ සහයෝගය ලබාගැනීම සඳහා එරට රජයේ නියෝජතයන් රැසක් හමුවීමට මෙහිදී අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
මෙරට වැඩබිම්වල තත්ත්වය උසස් කිරීම සඳහා ආදර්ශයට ගතහැකි දකුණු කොරියානු වැඩබිම් කිහිපයක් ද මෙම සංචාරයේදී අමාත්‍යවරයාගේ අධ්‍යයනයට ලක්කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය පවසයි.