ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ නැව හා ශ්‍රී ලාංකියක් බේරා ගැනීමට කොල්ලකරුවන් ඉල්ලන කප්පම් මුදල් ලබාදීමට එම නැව අයිති පැනමා සමාගම සූදානම් බව වාර්තා වෙයි
වරයා හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අද (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම නැවට සේවකයන් සැපයූ ශ්‍රී ලංකාවේ ඒජන්තවරයා වූ ටිරෝන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් කොල්ලකරුවන් මේ දක්වා සිය ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය. නැව සිය භාරයට ගත් පිරිස සෝමාලියානු ධීවරයින් පිරිසක් විය හැකි බවටද සැක පළ කරන බව ඔහු සඳහන් කළේය