ඉදිරි ජනපතිවරණයේ සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ නියෝජිතයන් පරිසක් ඊයේ (10දා) අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් පසුව මෙම තීරණය ජනපතිවරයාට දැන්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.