ඇෆ්ගනිස්තානයේ, ඊසානදිග බඩාක්ෂාන් පළාතේ පසුගිය සිකුරාදා දිනයේ ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ඇති වූ කඳු නායයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකව තමාගේත්, රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
මෙම ස්වභාවික උපද්‍රවයෙන් විපතට පත්වූවන්ට ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කිරීමටද අමතක නොකළ ජනාධිපතිවරයා, මේ මහා ව්‍යසනය මතින් නැගී සිටිමින් සිය ජීවිත යළි නැංවීමට ඔවුන්ට ශක්තිය හා ධෛර්යයද ඇති බව අවධාරණය කර තිබේ.