ආරක්ෂිත කඳවුරුවල සිට නිවෙස් බලායන සෑම පවුලකටම සතියකට සෑහෙන පදිරි වියළි සලාක ලබාදීමට රජය තීරණය කර තිබේ.
මීට අමතරව එම පිරිසට තවදුරටත් වියළි සලාක ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍යනම් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් මත ප්‍රා‘දේශීය ලේකම්වරයාගේ තීරණවලට අනුව වැඩිපුර සලාක ලබාදීමටද රජය සැලසුම් කර තිබේ.
මීට අමතරව අනාරක්ෂිත ප්‍ර‘දේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන ලබාදීමට රජය සැලසුම් කර තිබෙන අතර, ඊට අවශ්‍ය ඉඩම් වැවිලි සමාගම් සතු මුඩුබිම්වලින් ලබාගැනීමටත් සැලසුම් කර තිබේ.
ආපදාවන්ට ලක්වූ ප්‍ර‘දේශවල ළිං පිරිසුදු කරදීම ප්‍ර‘දේශීය ලේකම් කාර්යාලය හරහා සිදුකරදීමට නියමිත අතර, ඊට අවශ්‍ය වතුර මෝටර් මිලදීගැනීම ඇතුළු වෙනත් උපකරණ මිලදී ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට සැලසුම් කර තිබේ.