කන්තලේ සිනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා චංචල දේපළ රුපියල් මිලියන 540කට අලෙවි වී තිබේ. ඒ සඳහා කැඳවූ ටෙන්ඩර විවෘත කිරීමේදී වැඩිම ලංසුව මිරිගම ලංකා සමාගම මෙසේ වැඩිම ලන්සුව වන රුපියල් මිලියන 540 ඉදිරිපත් කොට තිබේ.
ඉඩම් අමාත්‍යාංශයේදී මෙම ලන්සුව විවෘත කිරීම ඊයේ (07දා) පස්වරුවේදී සිදුකර තිබේ. හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය විසින් 1960 වසරේදී කන්තලේ සිනි කර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබීය.