කන්චි සංකාචාර්යය ජයෙන්ද්‍ර සරස්වතී පූජකතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමත්ත ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පසුගිය සිකුරාදා බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා හින්දු පූජකතුමන්ලා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ. ජයේන්ද්‍ර පූජකතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු උතුරු, නැගෙනහිර හා මධ්‍යම පළාත්හි සංචාරය කිරීමට නියමිතය.