මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයට ඊයේ (07දා) කථානායක කරු ජයසූරිය මහතා පැමිණි හෙලිකොප්ටරයක් බස්සවා නතර කර තැබීමෙන් එහි පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවය පැවැත්වීමට නොහැකි වූ බව මාතලේ ජාත්‍යන්තර පාසල පවසයි.
මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන මෙම ක්‍රීඩාංගණය විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන අවුරුදු උත්සවය වෙනුවෙන් මීට මසකට පමණ සිට මුදල් ගෙවා වෙන්කර තිබුණද මාතලේ වීර මඩුගල්ලේ ගුණ සමරු උත්සවයට කථානායකවරයා පැමිණි හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණයේ පැය හතරක පමණ කාලයක් නතර කර තිබීමෙන් තම විද්‍යාලයට, සිසුන්ට මෙන්ම දෙමාපියන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව විදුහලේ අධ්යක්ෂ නීතිඥ ප්‍රසන්න ධර්මකීර්ති මහතා සඳහන් කළේය.
අදාළ හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීමට නගරය ආසන්නයේ තවත් ක්‍රීඩාංගණ තිබියදී මෙම ක්‍රීඩාංගණයම ඒ සඳහා තෝරා ගැනීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මාතලේ රවීන්ද්‍ර විරාජ්