කතානායක කරු ජයසුරිය මහතාගේ තීන්දුවකට විරෝධය පාමින් ආණ්ඩුපක්ෂයේ මන්ත්රීවරු සභා ගැබෙන් පිටව ගියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වී ඇති බැවින් ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි කතානායක කරු ජයසූරිය මහතා කීවේය. එවිට පාර්ලිමේන්තුවේ සෙසු වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි බැවින් එය අසාධාරණ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
කෙසේඋවද කතානායකගේ ස්ථාවරය වෙනස් නොවුඅතර විපක්ෂයට වැඩි කතා කාලයක් ලබාදීමට විරෝධය පා සභානායක ලක්ෂමන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහත්වරු සභාවෙන් පිටව ගියහ. ඉන්පසු ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්රීවරු ද පිටවී ගියබැවින් සභාව 21 දා දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.