ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය වෙනුවෙන් අගෝස්තු මස 01දා සිට 08දා දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ බස් හා දුම්රිය සේවා පවත්වාගෙන යන බව ජනතාව වෙත දැනුම් දෙයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන්ගේ පහසුව පිණිස මෙම විශේෂ බස් රථ හා දුම්රිය ඒකාබද්ධ සේවාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට කතරගම දක්වා සහ මාතර දුම්රිය ස්ථානයේ සිට කතරගම දක්වා ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති බව දැනුම් දෙයි.
එමෙන්ම, කතරගම සිට මාතර දුම්රිය ස්ථානය දක්වා සහ කතරගම සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා විශේෂ බස් රථ සහ දුම්රිය ඒකාබද්ධ සේවා පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් පවසා සිටියි.