කතරගම පෙරහර මංගල්‍යයට කප් සිටුවද්දී තින්නෝරු මතුවෙයි
කතරගම පුදභූමිය තුළ පෙරහර මංගල්‍ය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය සමග කතරගම මහපොළොවෙන් තින්නෝරු මතුවී තිබේ.
තින්නෝරු යනු කතරගම භූමියටම විශේෂවූ පස් විශේෂයකි. (ධවල පාෂාණයකි) මේ පාෂණය කතරගමත් සෑම ස්ථානයකම (පොළවේ) දක්නට නොමැති අතර, මෙම පස අධික ලෙස සුදුපාටින් යුක්තය.
මෙම පාෂණය පිහිටියේ කතරගම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ දෙටගමුව ග්රාමනිලධාරි වසමේ හුණුකැටවල ප්‍රදේශය තුළය.තින්නොරු කැණීම සිදුකරනු ලබන්නේ කතරගම දේවාලයේ කප්සිටුවීමේ මංගල්‍යයෙන් පසුවය.
කප් සිටුවීමෙන් පසු ද්‍රවිධ ජනතාව කතරගම දෙවියන්ට භාරහාර වී සත්ත්ව ආහාරවලින් තොරවඑම පූජා භූමිය පවතින ප්‍ර‘දේශයේ තෝරාගත් ස්ථානයක දෙවියන්ට මල්, පහන්, සුවඳ දුම්, පූජා කර කැණීම් සිදුකරයි. මෙය පොළවේ දුර්ලබය.
මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාව පවසනුයේ, මේ පාෂණය වසරේ අනෙකුන් දිනවලද පොළව තුළ ගැබ්වී තිබුණද එහි පැහැයේ වෙනසක් (පාටෙහි) ඇතිබවත්, සැබෑ ධවල (සුදු) පැහැය මතුවෙන්නේ කතරගම දේවාලයේ කප් සිටුවීමෙන් පසුබවත්ය.
මෙය දෙවියන්ගේ හාස්කමකින් (බැල්මක්) ලැබෙන බව ද්‍රවිධ ජනයාගේ මතයයි. මෙසේ ලබාගත් තින්නෝරුවල පළමු කොටස දෙවියන්ට පූජා කිරිම සිදු කරයි. තින්නෝරු හඳුන්වන තවත් නම් කිහිපයකි, ද්‍රවිඩ භාෂාවේ විභූති, පරාද කියාද හඳුන්වයි.
ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක මෙම පාෂාණය සොයාගෙනනොමැති වග පතල්හා කැණීම් කාර්යංශයෙන් පවසා ඇත. ලංකාවේ සියලුම කෝවිල්වලට හා ඉන්දියාවේ කෝවිල්වලටද මෙම පාෂාණය රැගෙන යන බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු දුරන්ධර සොමිපාල ටී. රත්නායක මහතා පවසයි.
විදෙස් රටවල පවතින කෝවිල්වල මෙම පාෂාණය සාදාගනු ලබන්නේ ලී කුඩු සහ ගොම පුලුස්සා බව ඔහු ප්‍රකාශ කළේය.
ආරියපාල රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

