කඩුවෙල ආශ්රිත ප්‍රදේශ කිහිපයක හෙට(14) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලබුගම ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන අතර ඒ අනුව හෙට මධ්‍යහන 12.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
කඩුවෙල, රණාල, ජල්තර, ආටිගල, ජයවීරගොඩ සහ කහහේන යන ප්‍රදේශවල එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.