කොළඹ කොටුව ආශ්‍රිතව පදික වේදිකාවේ වෙළෙඳාම් කළ පදික වෙළෙඳුන් වෙනුවෙන් ඉදිකළ කඩකාමර 468න් 50ක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෙකු අයිති කරගෙන තිබෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
මෙලෙස අත්සන් කරගත් කඩකාමර 50 දේශපාලන හිතවතුන්ට බෙදා දෙමින් තිබෙන බවත්, මේ නිසා සිදුවන මූල්‍ය වංචාව පිළිබඳව හෙට (30දා) අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.