ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අද ට යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැටනම අමතා .'චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං' යනුවෙන් ;මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ට හිත වැඩ හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න' යනුවෙන් අවවාද දී ප්‍රථමවරට ධර්මදූත සේවයේ යොදවන ලද්දේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයේය.
තුන් බෑ ජටිලයන් හට පෙළහර දැක්වීමෙන් දමනය කර, පහදවා පිරිවර සහිතව පැවිදිබිමට පත් කර, පසුව 'ආදිත්ත පරියාය සූත්‍රය' දේශනාකොට ඒ සැමට රහත්භාවය ළඟා කර දෙමින් ශාසනික සේවය සඳහා තුන් බෑ ජටිලයන් වෙත සම්බුදුරදුන් වැඩමවන ලද්දේ ඉල් පුර පසොළොස්වක පොහොය දිනකය.
ආර්ය මෛත්‍රිය භික්ෂූන් වහන්සේ නමින් වැඩ සිටි භික්ෂූන් වහන්සේනමක විසින් චීවර මාසය අවසානයේ තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකින් එකක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි වියනක්කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා එක කෙළවරක් දර්ශනීය ලෙස එල්ලා බුදුරදුන්ට පූජා කළහ. මෙම මහා පුණ්‍ය ක්‍රියාවෙන් සොම්නසට පත්ව ඒ පිළිබඳව විමසා බලා අනාගතයේ මෛත්‍රී නමින් බුදුවන බව ප්‍රකාශ කළහ. මෙත් බෝධිසතුන් උතුම් වූ විවරණ ලබන ලද්දේ මෙවන් ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.
පසුවස් සමාදන්ව උසස් ගුණදහම් වැඩිදියුණු කරමින් සිටි භික්ෂූන් වහන්සේ මහා පවාරණය ඉල් පුන් පෝදා සිදුකළහ. එසේම කඨින පූජා පැවැත්විය හැකි අවසාන දිනය වශයෙන්ද ඉල් පුර පසොළොස්වක පොහොය සඳහන් වෙයි. අගසව් සැරියුත් මා හිමියෝද සිය නිවසේම පිරිනිවන් පා වදාළේ මෙවන් පොහෝ දිනකය.
මෙවන් සුවිශේෂී පුර පසොළොස්වක පොහොය දිනක ආමිස, ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් කුසල් රැස්කිරීමට ඔබත් උත්සාහ ගන්න.
සම්පත් විදානගේ