එළැඹී ඇති අධික වර්ෂා තත්ත්වය හේතුකොටගෙන ගල් පෙරළීමේ සහ නාය යාමට ලක්ව ඇතිව කටුවන උඩගොමඩිය කන්ද ආශ්රිතව තැනින් තැන පස් තට්ටු ලිහිල් වී පහළට පස් ස්ථර කඩාවැටීමේ අවදානමක් පවතින බවට ප්රදේශවාසීහු පවසති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ක්ෂේත්රයේ කරන ලද පර්යේෂණ වලට අනුව වැලෑනගොඩකන්ද, මැදකන්ද ආදීකොට ඇති කඳු පද්ධතීන් නාය යාමේ අවදානම සහිත ප්රදේශ බව හඳුනාගෙන ඇති බැවින් පරිසරය සමග කටයුතු කිරීමේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙස වගකිව යුතු අංශද ප්රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිති.
කිරම - ඩබ්.ඒ. නෙල්කා