මගීන් 375 දෙනෙකු රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන්කළ ඉන්දුනීසියානු ගරුඩා ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.
හජ් වන්දනාවේ ගිය පිරිසක් ඇතුළු මගීන් රැසක් මෙහි ගමන් කර ඇති අතර, ඊයේ රාත්‍රී යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ යානය ශ්‍රී ලංකාව වෙත ගොඩබැස්වීමට තීරණය කර තිබේ.
ගුවන් තොටුපළ ආරංචි මාර්ග අනුව යානය මේ වනවිට අලුත් වැඩියා කෙරෙමින් පවතින බව කියයි. මේ අතර, එම ගුවන් සේවයේ ආරංචි මාර්ග අනුව එහි ගමන්ගත් මගීන් වෙනත් යානයකින් නැවත එරටට කැඳවාගෙන තිබේ.