රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව නිර්දේශයකට අනුව කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු වෙනසක් කර තිබේ.
ඒ අනුව එහි කටයුතු ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පැවරිය යුතු බවට යෝජනාකර ඇති අතර දැනට මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම මගිනි.
එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ කළමනාකරණය විදේශීය හවුල්කාර සමාගමකට භාර දීමට රජය තීරණය කොට තිබුණද ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් එම සමාගමෙන් ඉවත් කොට රජය යටතේම තබාගත යුතු බවට කාරක සභාව පෙන්වා දී තිබේ.